බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් හතර දෙනා මුදා හරී

Wednesday, 09 October 2019 - 12:31

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B6%BB%E0%B7%93
තහනම් සංවිධානයක සාමාජිකයින් බවට සැක කරමින් බ්‍රිතාන්‍යයේ ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැණුනු ශ්‍රී ලාංකිකයින් 4 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

පසුගිය සෙනෙසුරාදා සහ ඉරිදා දිනයන්හිදී ගුවන්තොටුපලට ළගා වීමෙන් අනතුරුව එම පිරිස අත්අඩංගුවට ගැණුනේ බ්‍රිතාන්‍ය ත්‍රස්තවාදී පනත සහ අපරාධ සාක්ෂි පනත යටතේයි.

බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේ 35, 39 සහ 41 වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සහ 35 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

අනතුරුව, දකුණු ලන්ඩන් පොලිස් ස්ථානය භාරයට පත්කෙරුණු මොවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ එරට ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබනවා.

අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන ලබන නොවැම්බර් මාසයේදී සිදුකිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, අප මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් කරුණු විමසූ අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්වත් කිරීමක් සිදුකර නොමැති බවයි එහි ප්‍රකාශිකාවක් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories