අලි ඇතුන්ගේ ආරක්ෂාව ගැන ජනපති අපේක්ෂකයන්ට සන්දේශයක්

Thursday, 10 October 2019 - 7:23

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ට සන්දේශයක් භාරදීමට කටයුතු කරන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කළා.

පරිසර සංවිධාන නියෝජිතයන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.  

මේ අතර, හබරණ - හිරිවඩුන්න - තුම්බිකුලම රක්ෂිතයේදී ඇතින්නියන් 06 දෙනෙකු සහ අලියෙකු මියයාමට හේතුව විෂ ශරීරගත වීමක් බවට ඊයේ අනාවරණ වුණා.

නමුත් අදාළ විෂ වර්ගය කුමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර, එය තහවුරු කර ගැනීම සඳහා අදාළ පරීක්ෂණ වාර්තා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories