වැලිමඩදී ගසක් කඩාවැටී, තරුණියක් සහ ළමයින් දෙදෙනෙකු මියයයි

Sunday, 13 October 2019 - 7:19

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%2C+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වැලිමඩ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල අසළ පිහිටි තාවකාලික නිවසක් මතට ගසක් කඩාවැටී එහි සිටි තරුණියක් සහ පිරිමි ළමයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඊයේ රාත්‍රියේ ඇද හැලුනු වර්ෂාවත් සමඟ මෙම නිවස මතට ගස කඩාවැටී ඇති අතර, එහිදී තුවාල ලැබූ හතරදෙනෙකු වැලිමඩ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

එහිදී 18 හැවිරිදි තරුණිය සහ 14 හැවිරිදි සහ දස හැවිරිදි පිරිමි ළමයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණා. තුවාල ලැබූ 22 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද වැලිමඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මේ අතර මධ්‍යම පළාතට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ රිවස්ටන් මාර්ගය දැඩි මීදුමකින් වැසි ඇති බවට වාර්තාවනවා.

ඒ හේතුවෙන් එම මාර්ගය භාවිත කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මාතලේ සිට රත්තොට හරහා වැටී ඇති රිවස්ටන් මාර්ගයේ තැනින් තැන පස් කඳු කඩාවැටීම්ද දක්නට ලැබෙන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම අත්තනගලු ඔයේ දූනමලේ ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යාමක් දක්නට ලැබුණු අතර, එය ක්‍රමයෙන් පහත බසිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories