කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත විය හැකි බැවින් මහවැලි ගඟ දෙපස ජනතාවට අවධානයෙන් සිටින ලෙස උපදෙස්

Monday, 14 October 2019 - 16:12

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%83+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
අධික වර්ෂාවත් සමඟ කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත විය හැකි බැවින් එම ජලාශයේ සිට පොල්ගොල්ල දක්වා මහවැලි ගඟ දෙපස ජනතාව අවධානයෙන් සිටිය යුතු බවට මහවැලි අධිකාරිය දැනුම් දෙනවා.

මේ වන විට ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර, ස්වයංක්‍රීයව වාන් දොරටු විවෘත වී එම ජලය කොත්මලා ඔයට නිකුත් විය හැකියි.

මේ හේතුව නිසා නුගවෙල, ගම්පොළ, වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙනිය, කටුගස්තොට සහ පොල්ගොල්ල ප්‍රදේශවල ජනතාව මහවැලි ගඟ පරිහරණය කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසටයි මහවැලි අධිකාරිය දැනුම් දෙන්නේ.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ තවදුරටත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories