ජනපතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් 58 දහසක් ප්‍රතික්ෂේපයි

Wednesday, 16 October 2019 - 12:46

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+58+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92
මෙවර ජනාධිපතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරීම සියයට 85ක මට්ටමක පැවතිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ එම කොමිෂන් සභා පරිශ්‍රයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල පමණක් ප්‍රකාශ කිරීමට කටයුතු කරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉල්ලීමක් කළා.

මේ අතර ජනාධිපතිවරණයේදී තැපෑලෙන් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් හය ලක්ෂ 59 දහස් 514 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ලබන මස 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයන්ගෙන් තැපැල් ජන්ද අයදුම්පත් හත් ලක්ෂ 17 දහස් 918ක් ලැබී ඇති අතර ඉන් අයදුම්පත් 58 දහස් 404ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කෙසේ වෙතත් ඔවුන්ට ජනාධිපතිවරණ දිනයේදී ජන්දය භාවිතා කළ හැකි බවද ඔහු කියා සිටියා.

තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත මළු අනිද්දා රාජ්‍ය ආයතනවලට නිකුත් කෙරෙනු ඇති.

රාජ්‍ය ආයතනවල සහ හමුදාවන්හි තැපැල් ජන්ද හිමියන්ට මේ මස 31 වනදා සහ නොවැම්බර් මස 01 වනදා තැපැල් ජන්ද සලකුණු කළ හැකියි. එමෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිසියේ නිලධාරීන්ට තැපෑලෙන් ජන්දය සලකුණු කිරීම සඳහා නොවැම්බර් මස 04 වනදා අවස්ථාව හිමි වන අතර එම දිනවල තැපැල් ජන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ජන්ද හිමියන්ට ලබන මස 07 වනදා තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලවලදී තැපැල් ජන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories