නඩුවකට පෙනී සිට යමින් සිටි පුද්ගලයෙකුට ඔහුගේම සහෝදරයාගෙන් ප්‍රහාරයක්

Wednesday, 16 October 2019 - 16:49

%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%94%E0%B7%84%E0%B7%94%E0%B6%9C%E0%B7%9A%E0%B6%B8+%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගාල්ල - මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට පෙනී සිට ආපසු යමින් සිටි පුද්ගලයෙකු ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔහු ගාල්ල - බෝපේ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක්. ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති දික්කසාද නඩුවකට පෙනි සිට ආපසු නිවස බලා යමින් සිටියදී ගාල්ල - කොටුව බාලදක්ෂ මාවතේදී මෙම පහරදීම සිදුකර ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

දික්කසාද නඩුව සම්බන්ධයෙන් පවුලේ පැවති ආරවුලක් පහරදීමට හේතුවී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories