නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට

Thursday, 17 October 2019 - 6:54

%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%81%E0%B6%82%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති කටුනායක ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අද අලුයම 12.25 ට මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සිංගප්පූරුවේ සිට එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 11.35 ට පමණ මොහු දිවයිනට පැමිණ තිබෙනවා.

ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ නඩුවකට අදාළව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කරන ලද අධිකරණ නියෝගයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories