මෙරට තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනපති අතින් විවෘත වේ

Thursday, 17 October 2019 - 10:54

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරුණා.

රුපියල් මිලියන 2250ක වියදමින් ඉදිකෙරුණු මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපල සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 1950ක් සහ ඉන්දීය ආධාර යටතේ රුපියල් මිලියන 300 ක් යොදවා තිබෙනවා.

අදියර 3ක් යටතේ ඉදිකෙරෙන මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ප්‍රධාන ධාවන පථය මීටර 950ක දිගින් යුක්තයි.

අද විවෘත කෙරුණු යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දෛනික ගුවන් මෙහෙයුම් කටයුතු එළඹෙන නොවැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

ගුවන්තොටුපල විවෘත කිරීමත් සමග ප්‍රථම ගුවන් ගමන අරඹමින් එයාර් ඉන්දියා එලායන්ස් සමාගමේ යානයක් චෙන්නායි සිට එරට ගුවන් නිලධාරින් ද සමග යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත අද ගොඩබැස්සවීම ද සිදුවුණා.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories