තැපැල් සේවක නිවාඩු අවලංගුයි

Thursday, 17 October 2019 - 12:38

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලූ තැපැල් සේවකයින්ගේ නිවාඩු අද සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.

තැපැල්පති රංජිත් ආරියරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊට අදාළ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇති බවයි.

මීට අමතරව තැපැල් දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානවල නිලධාරීන් ද ජනාධිපතිවරණයේ ඡුන්ද කටයුතුවල රාජකාරි සඳහා අනුයුක්ත කර තිබෙනවා.

ලබන මස 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව තැපෑලෙන් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් හය ලක්ෂ 59 දහස් 514 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ.

තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත මළු හෙට රාජ්‍ය ආයතනවලට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

රාජ්‍ය ආයතනවල සහ හමුදාවන්හි තැපැල් ජන්ද හිමියන්ට මේ මස 31 වනදා සහ නොවැම්බර් මස 01 වනදා තැපැල් ජන්ද සලකුණු කළ හැකියි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිසියේ නිලධාරීන්ට තැපෑලෙන් ජන්දය සලකුණු කිරීම සඳහා නොවැම්බර් මස 04 වනදා අවස්ථාව හිමි වන අතර එම දිනවල තැපැල් ජන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ජන්ද හිමියන්ට ලබන මස 07 වනදා තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ජන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

එසේම ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ලබන 25 වනදා සිට ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කළා.

ලබන මස 3 වනදා විශේෂ දිනයක් ලෙස නිල ඡුන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදු කෙරෙනවා.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 762 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව කියා සිටියේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 733 ක් සහ ප්‍රචන්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 6 ක් ලැබී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories