ඉන්දීය ධීවරයින් තුන්දෙනෙකු අත්අඩංගුවට

Thursday, 17 October 2019 - 13:15

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
උතුරු මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් තුන්දෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් කොවිලම් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ඊයේ සිදුකළ මුර සංචාරයකදියි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොවුන් අවුරුදු 31 සහ 34 අතර වයස්වල පසුවන්නන්.

ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත්‍රාවද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාරදී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories