නිශ්ශංක සේනාධිපති අධිකරණයට

Thursday, 17 October 2019 - 13:55

%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%81%E0%B6%82%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණීමෙන් පසුව කටුනායක ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති කොළඹ විශේෂ මහාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ අද අලූයම 12යි 25ටයි.

ඉන් අනතුරුව, ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන එන ලැබුවා.

ඇවන්ගාඩ් නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වීම සහ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගුවන් ගමන් තහනමක් පනවා තිබීමට අදාළවයි මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories