දෙවන දිනටත් මැතිවරණ කොමිසම නිවාස සංවර්ධන අධිකාරියට - ජාතික රෝහලේත් පත්වීම් ප්‍රදානයක්

Thursday, 17 October 2019 - 19:48

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පත්වීම් ලබාදීමක් පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව මැතිවරණ කොමිෂන් සභාව සහ පොලීසිය අද දෙවන දිනටත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විශේෂ පරික්ෂාවකට ලක් කළා.

මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පත්වීම් 2800ක් සත්‍ය වශයෙන්ම ලබාදීමේ සූදානමක් තිබූ බව එහිදී නිලධාරීන්ට තේරුම් ගිය බවයි.

විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ උපදෙස් මත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනියම් සේවකයින් විශාල පිරිසක් ස්ථිර කිරීමට පත්වීම් ලිපි සකස් කරන බවට ලද පැමිණිල්ලක් අනුව ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේ සහ පොලිසියේ නිලධාරීන් එම අධිකාරියේ ප්‍රධාන කාර්යාලය පරීක්ෂාවට ලක් කළා.

අද දිනයේදීත් එම නිලධාරින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මානව සම්පත් සංවර්ධන අංශය පරීක්ෂාවට ලක් කළේ වැඩිදුර විමර්ශනයක් ලෙසයි.  

ඒ අනුව, අදාළ පත්වීම් ලිපි ගොනුවල පිටපත් මැතිවරණ කොමිසම භාරයට ගෙන එම පත්වීම් ලබාදීම නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම මැතිවරණ කාලසීමාව තුළ නිවාස සංවර්ධන අධිකාරියේ කැබ් රථ 5 ක් දේශපාලන කටයුතු ඳහා නීතිවිරෝධී අයුරින් යොදා ගන්නා බවට චෝදනා කරමින් එහි සේවකයින් පිරිසක් අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ද ගොනුකර තිබුණා.

ඊට අමතරව මේ මස 28 වන දින අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කුඩා තේ වතු සමිති නියෝජිතයින් කැඳවා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය වන ආකාරයෙන් ප්‍රදානයන් සිදුකිරීමට නියමිත බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ද අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ගොනුකළා.

රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ භාෂා පුහුණු අංශයේ අධ්‍යක්ෂවරයාගේ සේවය දේශපාලන හේතුමත අත්හිටුවීමේ සිද්ධියක් සම්බන්ධව ද මන්ත්‍රීවරයා මැතිවරණ කොමිසමට තවත් පැමිණිල්ලක් සිදුකළා.

එමෙන්ම, අමාත්‍ය දයා ගමගේ දුන් නියෝගය පිළි නොපැදීම හේතුවෙන් තම සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇති බව පවසමින් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සමන් උඩවත්ත ද අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර කොළඹ ජාතික රෝහලේ නව පත්වීම් ලබාදීමක් සම්බන්ධයෙන් ද අද තොරතුරු වාර්තා වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories