බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එංගලන්තයෙන් යළිත් නඩු

Friday, 18 October 2019 - 7:31

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%A7+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙන්ම එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව පිළිබඳව උප තානාපතිවරයෙකු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව යළි නඩු පවරා ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව අදාළ නඩුව අද සිට බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතයි.

පසුගිය වසරේ නිදහස් දිනයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ පැවති උත්සවයේදී කොටි හිතවාදීන් පිරිසකට තර්ජනාත්මක සංඥාවක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබූ අතර, ඊට ඔහු වරදකරුද වී තිබුණා.

කෙසේ වෙතත්, පසුව බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව නිල වශයෙන් ඉවත් කරගත් බවට වාර්තා පළ වුණා.

ඒ පිළිබදව බ්‍රිතාන්‍ය අධිකරණය කටයුතු කළ ආකාරය සහ ඊට අදාළ සම්පූර්ණ ක්‍රියාවලිය යළි සලකා බලන ලෙස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක්ද කර තිබුණේ එවන් පසුබිමකයි.

කෙසේ වෙතත්, යළිත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව නඩුව මුල සිට යළි විභාගයට ගැනීමට එරට අධිකරණය එකඟ වී ඇති බවයි ලන්ඩනයේ සිටින හිරු වාර්තාකරු ජනක අලහප්පෙරුම ප්‍රකාශ කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories