ළිඳක් තුළ සිරවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Friday, 18 October 2019 - 13:54

%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
බදුල්ල - කන්දකැටිය - දඩයම්තලාව ප්‍රදේශයේ දී අඩි 45ක් පමණ ගැඹුරු ළිඳක් තුළ සිරවී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද උදෑසන ඔහු තවත් පුද්ගලයෙකු සමඟ තම ළිඳෙහි ජලය හිස් කරමින් සිටියදී මඩෙහි එරී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව පසුව ඔවුන් ගොඩට ගෙන කන්දකැටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එම අවස්ථාව වන විට 56 හැවිරිදි මෙම පුද්ගලයා මිය ගොස් සිටි බව පොලීසිය කියා සිටියා.

බේරා ගත් අනෙක් පුද්ගලයා මේ වන විට එම රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බවයි වාර්තා වන්නේ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories