සමෘද්ධි අධිකාරිය තුළ හිමිකම්පත් පිළියෙල කරමින් සිටීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිරිසක් හෙට දිනයේ එම අධිකාරිය වෙත යාමට නියමිතයි.
ඒ, මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක නීතිවිරෝධී ආකාරයෙන් අදාළ හිමිකම් පත්‍ර ලබාදීමක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළවයි.
ඊයේ දිනයේදී එම ස්ථානයට පැමිණි මැතිවරණ කොමිසමේ නිලධාරීන් විසින් අදාළ හිමිකම් පත්‍ර ලබාදීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති අතර, එහි ඉදිරි විමර්ශන කටයුතු සඳහායී හෙට දිනයේදී මෙලෙස සමෘද්ධි අධිකාරිය වෙත කොමිසමේ නිලධාරීන් පැමිණෙන්නේ.
මැතිවරණ කොමිසමේ නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විටත් හිමිකම් පත්‍ර ලක්ෂ 08 කට ආසන්න සංඛ්‍යාවක් සූදානම් කරමින් තිබී ඇති අතර, එම ස්ථානයේ විෂය භාර අමාත්‍ය දයා ගමගේ සහ සමෘද්ධි අධ්යක්ෂ ජනරාල්වරයාද සිට ඇති බවයි වාර්තා වන්නේ.
සමෘද්ධි හිමිකම් සඳහා තෝරාගෙන ඇති බවත්, ජනාධිපතිවරණය අවසන් වීමෙන් අනතුරුව ඊට අදාළ දීමනා ලබාදීමට කටයුතු කරන බවත් අදාළ හිමිකම් පත්‍රවල සටහන්ව තිබෙනවා.
එමෙන්ම, ඊට අදාළ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
මේ අතර, මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් යළි හෙට දිනයේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියට යෑමටද නියමිතයි.
ඒ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එම ආයතනයට අයත් වාහන අවභාවිත කරන බවට මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකරන වැඩිදුර පරීක්ෂණයකට අදාළවයි.
පසුගිය 16 වනදා ද මැතිවරණ කොමිසමේ නිලධාරින් සහ පොලීසිය එක්ව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දෙවන මහලේ පිහිටි මානව සම්පත් සංවර්ධන අංශය විශේෂ පරීක්ෂාවකට ලක් කළා.
ඊට පසුදින යළිත් මැතිවරණ කොමිසමේ නිලධාරින් මානව සම්පත් සංවර්ධන අංශය, පරීක්ෂාවකට ලක් කළ අතර එහිදී නව පත්වීම් 2800 ක් ලබාදීමට සූදානම් කර තිබූ බවට කරුණු අනාවරණ වුණා.
පෙරේදා දිනයේත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබෙනවා.
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ උඡ ඡ්‍ය 7598 සහ උඡ ඡ්‍ය 7599 අංක දරණ නවීන ඩබල් කැබ් රථ දෙකක් සහ 253 - 5305 දරණ කැබ් රථය ද මැතිවරණ ව්‍යාපාරයේ යොදවා තිබූ බවට කරුණු අනාවරණ වී ඇති බවත් ඒ අනුව පරීක්ෂා කිරීම් සිදු කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

Follow US
Most Viewed Stories