යෝජනාවලියට යහපත් ප්‍රතිචාරයක් නොලැබුනහොත් විග්නේෂ්වරන්ගේ පිලෙන් විකල්ප ක්‍රියාමාර්ග

Sunday, 20 October 2019 - 7:55

%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C
දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලෙස ෆෙඩරල් ක්‍රමයක් ලබාදීම ඇතුලු කරුණු 13 කින් යුත් යෝජනාවලියට යහපත් ප්‍රතිචාරයක් නොලැබුනහොත් විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව එම යෝජනාවලියේ එක් පාර්ශවයක් වූ දෙමළ ජනතා සන්ධානය පවසනවා.

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් එම සන්ධානයේ ප්‍රචාරක ලේකම් කේ.අරුන්දවබාලන් කියා සිටියේ ඒ අනුව ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීම හෝ ප්‍රතික්ෂේපිත ඡන්ද භාවිත කිරීමට අපේක්ෂා කරන බවයි.

දෙමළ දේශපාලන පක්ෂ 5 ක් විසින් අදාළ යෝජනාවලින් සකස් කර ඇත්තේ පසුගියදා යාපනයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

එම යෝජනා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, උතුර - නැගෙනහිර, මෙරට දෙමළ ජනතාවගේ නිජබිම් ලෙස සැළකිය යුතු බවත්, ඔවුන්ගේ ස්වයං තීරණ ගැනීමේ අයිතිය පිළිගත යුතු බවත්, එම යෝජනා අතර පවතිනවා.

එසේම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර, ඒ යටතේ රඳවාගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලීම ද අදාල යෝජනාවලියේ සඳහන් කරුණක්.

උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජනතා සන්ධානය, ටෙලෝ සංවිධානය, ඊ.පී.ආර්.එල්.එෆ්., ඉලංගෙයි තමිල් අරසු හා ප්ලොට් සංවිධානය යන පක්ෂ විසින් මෙම යෝජනාවලිය සකස් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories