බීමතින් යාපනයට මගීන් රැගෙන ගිය ලංගම රියදුරෙකු සාලියවැවදී අල්ලයි

Sunday, 20 October 2019 - 13:02

%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මගීන් හතළිස් දෙදෙනෙකු රැගත් ශ්‍රී ලංගම බස් රථයක් බීමතින් අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ රියදුරෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ කොළඹ සිට යාපනය බලා ධාවනය වූ බස් රථයක රියදුරුයි මෙලෙස පොලීසිය විසින් සාලියවැව - 19 කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

බීමත්ව අපරීක්ෂාකාරී ලෙස අධික වේගයෙන් බස් රථය ධාවනය කිරීම පිළිබඳව පොලීසියට ලද තොරතුරකට අනුව බස් රථය නවතා එහි රියදුරු පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ ශ්‍රී ලංගම බස් රථයේ රියදුරා කොළඹදී අධික ලෙස මත්පැන් පානය කර රාත්‍රී හතට පමණ යාපනය බලා පිටත්වී ඇති බවයි.

යාපනය - කරෙයිනගර් ඩිපෝවට අනුයුක්තව සේවය කරන 52 හැවිරිදි බස් රථ රියදුරා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories