ශ්‍රී ලංකාවට සාධාරණය ඉටු කරන්න ජගත් සංවිධානය වෙත ඉල්ලීමක්

Sunday, 20 October 2019 - 13:16

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම්වල බරපැණ දැරීමේදී 1960 වසරේ සිට ඊට දායකවන ශ්‍රී ලංකාවට සාධාරණයක් ඉටු කරන්නැයි ලක් රජය ජගත් සංවිධානයෙන් ඉල්ලීමක් කරනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම පිළිබඳ පස්වන කමිටු රැස්වීම අමතමින් ශ්‍රී ලංකාව නියෝජනය කළ කැනඩාවේ නියෝජ්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වන සිතාරා ඛාන් මෙම ඉල්ලීම කළ බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

අදාළ රැස්වීම ජගත් සංවිධාන මහා මණ්ඩලයේ සභාපති ටිජානි මොහොමඞ් බන්ඬේගේ ප්‍රධානත්වයෙන් පෙරේදා ජගත් සංවිධාන මූලස්ථානයේදී පැවති බව සඳහන්.

එහිදී ශ්‍රී ලංකා නියෝජිතවරිය පෙන්වා දී ඇත්තේ සාමසාධක මෙහෙයුම් සඳහා මූල්‍ය දායකත්වය සපුරා ඇති සාමාජික රටවලට සාධාරණ ලෙස එහි ප්‍රතිලාභ හිමිවිය යුතු බවයි.

ජගත් සංවිධානයේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ ගනු ලැබූ තීරණ මෙහිදී ඇයගේ දැඩි විවේචනයට ලක් වුණා.

අදාළ පියවර ස්වෛරී රාජ්‍යයන් සමඟ ජගත් සංවිධානය එළඹී ඇති අවබෝධතා ගිවිසුම උල්ලංගනය කිරීමක් මෙන්ම රාජ්‍ය නායකයෙකුගේ පියවර අභියෝගයකට ලක් කිරීමක් ලෙසයි ශ්‍රී ලංකා නියෝජිතවරිය හැඳින්වූයේ.

යුද හමුදාපති ධුරයට ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමෙන් අනතුරුව ජගත් සංවිධාන සාමසාධක දෙපාර්තමේන්තුව මෙරට සාමසාධක මෙහෙයුම් කප්පාදු කිරීමට පියවර ගනු ලැබුවා.

එහිදී මාලි රාජ්‍යය වැනි දුෂ්කර මෙහෙයුම්වල මෙරට සාමසාධක භටයන් කටයුතු කරද්දී සාපේක්ෂව ගැටුම් අඩු ප්‍රදේශවල ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් අවසන් කිරීමටයි එමඟින් කටයුතු කළේ.

අදාළ පියවර සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ජගත් සංවිධාන කාර්යාලය වෙත සිදුකළ ලිඛිත දැනුම්දීම්වලට නිල ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැති බව ශ්‍රී ලංකා නියෝජිතවරිය, ජගත් සංවිධාන මූල්‍ය කමිටුව හමුවේ පෙන්වා දුන්නා.

එවැනි ක්‍රියාවලි ජගත් සංවිධානයේ භාවිතයක් නොවිය යුතු බව අවධාරණය කළ ශ්‍රී ලංකා නියෝජිතවරිය වැඩිදුරටත් සඳහන් කළේ දේශපාලනීකරණයෙන් තොරව ජගත් සංවිධානයේ වෘත්තිය ආචාර ධර්ම සුරැකීමට කටයුතු කළ යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories