ගෝඨාභයගෙන් පාතාලයට රතු එළියක්

Sunday, 20 October 2019 - 19:02

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තම පාලනයක් යටතේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මුළුමනින්ම පාලනය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ වැලිගම ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින්. එම ජන හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර සහ හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර ද එක්ව සිටියා.

එමෙන්ම, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගි වූ තවත් ජන හමුවක් අද අකුරැස්ස නගරයේදී පැවැත්වුණා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරක්ෂිත බැවින් එය අමුතුවෙන් සුරැකීමේ අවශ්‍යතාවක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් නව කාර්යාලයක් හම්බන්තොට - ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අද විවෘත කෙරුණු අතර ඊට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories