බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, පුත්තලම, යාපනය, මන්නාරම, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ත් 100 ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ සඳහන් කළේ ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 80 දක්වා ඉහළ යා හැකි බවයි.
මේ අතර, පවතින වැසිත් සමඟ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ රාජාංගණය ජලාශයේ වාන් දොරටු 8ක්, දැදුරුඔය සහ තබ්බෝව යන ජලාශවල වාන් දොරටු 4 බැගින් ද විවෘත කළ බවයි.
එමෙන්ම, අංගමුව ජලාශයේ ද වාන් දොරටු දෙකක් ඊයේ දිනයේදී විවෘත කළ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එමෙන්ම, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට ද නිකුත් කර තිබූ නාය යාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි.

Follow US
Most Viewed Stories