පැමිණි යානා දෙකක් මත්තලට හරවා යවයි

Monday, 21 October 2019 - 10:02

%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B6%BB%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට නියමිතව තිබූ ගුවන් යානා දෙකක් අයහපත් කාලගුණය හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබස්සවා තිබෙනවා.

රියාද් සිට පැමිණි යූ.එල්. 266 සහ කුවේට් සිට පැමිණි යූ.එල්. 230 යානා දෙක අද පෙරවරුවේ මෙලෙස මත්තලට පැමිණි බවයි ගුවන් තොටුපලේ පාලනාධිකාරිය සඳහන් කළේ.

කෙසේ වෙතත් පසුව කාලගුණ තත්ත්වය යහපත් බවට සනාථවීමත් සමඟ එම යානා දෙක නැවත කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත යොමු කිරීමට කටයුතු කළ බවද ඔවුන් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories