අඩු පීඩනයේ බලපෑමෙන් වැසි තවදුරටත් - දක්ෂිණ අධිවේගයේදී වාහන 06ක් ගැටේ - වේගය පාලනය කරන්නැයි උපදෙස්

Monday, 21 October 2019 - 11:14

%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+06%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A+-+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
අරාබි මුහුදේ හටගෙන ඇති අඩුපීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ නිකවැරටිය ප්‍රදේශයටයි - එය මිලිමීටර 132.5 ක්.

මේ අතර කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම - මන්නාරම මාර්ගය එළුවන්කුලම - සපත්තු පාලම ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා එහි ගමනාගමන කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.

පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ කලා ඔයේ ජල මට්ටම අඩි 8 ක් දක්වා ඉහළ යාම හේතුවෙන් ඒ ආසන්නයේ පවත්වාගෙන ගිය එළුවන්කුලම නාවික හමුදා කඳවුර සහ වනජීවී කාර්යාලය ඉවත් කිරීමටද මේ වනවිට කටයුතු කර ඇති බවයි.

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6 ක් මේ වනවිට විවෘත කර තිබෙනවා. දොරටු 4 ක්, අඩි දෙකහමාර බැගින් සහ දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්‍ෂ ඒ.එම්.කේ.ආර්. අලහකෝන් කියා සිටියේ.

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4 ක්ද මේ වනවිට අඩි දෙක බැගින් විවෘත කර තිබෙනවා.

එසේම පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගය වාරියපොල - අවුලේගම ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ ජලයෙන් යටවුණා.

වැසි ජලය බැස නොයෑම හේතුවෙන් වෙන්නප්පුව රන්දියගම ගම්මානයේ නිවාසද ජලයෙන් යටවී ඇති අතර, කොළඹ - කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ නාත්තන්ඩිය පරණ පාර ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් එහි ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානා දෙකක් අයහපත් කාලගුණය හේතුවෙන් අද උදෑසන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබස්සවනු ලැබුවා.

සෞදි අරාබියේ රියාද් නුවර සිට පැමිණි යූ.එල්. 266 සහ කුවේට් සිට පැමිණි යූ.එල්. 230 යානා දෙක මෙලෙස මත්තලට පැමිණි බවයි ගුවන් තොටුපලේ පාලනාධිකාරිය සඳහන් කළේ.

කෙසේ වෙතත් පසුව කාලගුණ තත්ත්වය යහපත් බවට සනාථවීමත් සමඟ එම යානා දෙක නැවත කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත යොමු කෙරුණා.

මේ අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන පැයට කිලෝමීටර 60 ක වේගයකින් ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා.

මාර්ගය අපැහැදිළි වීම නිසා අද උදෑසන කහතුඩුව පිවිසුමේ සිට හත්වන කිලෝමීටර කණුව ආසන්නයේ දී වාහන 6 ක් එකිනෙක ගැටී අනතුරක්ද සිදුවුණා.

බස් රථයක්, වෑන් රථ දෙකක්, මෝටර් රථ දෙකක් සහ ජීප් රථයක් එලෙස අනතුරට ලක්වූ නමුත් ඉන් කිසිවෙකුටත් හානි සිදුවූයේ නැහැ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories