හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ගොනු කළ චෝදනා ඇමරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයා නිෂ්ප්රභා කර තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පසුගිය අප්‍රේල් මස 04 වනදා ලසන්ත වික්රමතුංගගේ දියණිය වෙනුවෙන් යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.
අදාළ චෝදනා සම්බන්ධයෙන් සති 3 ක් ඇතුළත පිළිතුරු ලබාදීමට, ප්‍රතික්ෂේප කිරීමට සහ නඩුව ඉවත් කර ගැනීමට මෝසමක් ඉදිරිපත් කළ හැකි බව ද එම මධ්‍යස්ථානය පෙන්වා දුන්නේ.
එසේ පිළිතුරු ලබාදීමක් සිදුනොකරන්නේ නම්, හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සහභාගිත්වයෙන් තොරව නඩු විභාගය සිදුකරනු ඇති බවයි යුක්තිය සහ වගවීම සඳහා වන මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබුණේ.
කෙසේ වෙතත්, කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයෙකු විසින් මෙම නඩුව ප්‍රතික්ෂේප කළ බවයි වාර්තා වුණේ.

Follow US
Most Viewed Stories