එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසට එරට සංචාරකයන්ට නව අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
පසුගිය අප්‍රේල් 21 වන දා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත්, ලබන නොවැම්බර් මස 16 පැවැත්වෙන ජනාධිපතිවරණය හමුවේ පවතින වාතාවරණයත් සැලකිල්ලට ගෙන මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇති බවයි ගල්ෆ් පුවත් සේවය වාර්තා කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොළඹ තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් ද තබා තිබෙනවා.
එහි දක්වා ඇත්තේ එක්සත් අරාබි එමීර් වැසියන්ට අත්‍යවශ්‍යම අවස්ථාවක හැර ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසටයි.
හදිසි අවස්ථාවකදී එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ 0718004444 හෝ තානාපති කාර්යාලයේ 0112 301 601 අමතන ලෙස අදාළ ට්විටර් සටහනේ දක්වා තිබෙනවා.
පසුගිය අප්‍රේල් 21වනදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙවැනිම අනතුරු ඇගවීමක් නිකුත් කළා.

Follow US
Most Viewed Stories