මෝටර් රථයක සවි කර තිබූ බුදු පිළිමයක් ඉවත් කරන ලෙසට පොලීසිය දැනුම්දුන් බවට පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත අසත්‍යයක් බව පොලිස් මූලස්ථානය පවසනවා.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් මූලස්ථානයේ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබද අධ්යක්ෂ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ විමර්ශනයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව, අනාවරණ වී ඇත්තේ මෝටර් රථයේ ඉදිරිපස කණ්නාඩිය අවහිර වන ලෙස පහතට වැටෙන ලෙස සවිකර තිබූ මල්මාලා පමණක් ඉවත් කරන ලෙසට එම මෝටර් රථයේ රියදුරුට පොලීසිය දැනුම් දී ඇති බවයි.
මෙම සිද්ධියත් සමග පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ මෝටර් රථවල ඉදිරිපස වීදුරුව වැසෙන සේ මල්මාලා සහ විසිතුරු භාණ්ඩ මෝටර් රථය තුළ සවි කිරීමෙන් වලකින ලෙසටයි.

Follow US
Most Viewed Stories