අගමැති පැයකට අධික කාලයක් ප්‍රකාශ ලබාදී පිටව යයි

Wednesday, 23 October 2019 - 13:12

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2015 - 2018 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීම සදහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පැයකට අධික කාලයක් අද සාක්ෂි ලබාදුන්නා.

ඒ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වී ගබඩා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළවයි.

පෙරවරු 10.30 ට පමණ අග්‍රාමාත්‍යවරයා එම කොමිසම හමුවට පැමිණියා.

පසුගිය 18 වනදා අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණත් යාපනයේ පැවැත්වෙන උත්සව කිහිපයකට සහභාගි වීමට ඇති බැවින් තමන්ට එදින කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බවයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දෙනු ලැබුවේ.

ඒ අනුව අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා කොමිසමෙන් ඉල්ලා තිබුණා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories