මඩකලපු මාර්ගයේ දුම්රිය ධාවනයට තවමත් බාධා

Wednesday, 23 October 2019 - 15:12

%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
අද රාත්‍රියේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව බලා ධාවනය වීමට නියමිත තැපැල් දුම්රිය බොහෝදුරට අවලංගු කිරීමට සිදුවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අවුකන උප දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලිපැනීමකට ලක්වූ මීනගයා දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මෙතෙක් අවසන් නොවීම හේතුවෙන්.

පීලිගත කළ දුම්රිය මැදිරි සහ පීලිපැනීමකට ලක් නොවූ මැදිරි කිහිපයක් දැනට එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් මීනගයා දුම්රියේ එන්ජිම පීලිගත කිරීමේ කටයුතු තවමත් අවසන් කර නැහැ.

ඒ හේතුවෙන් අද පස්වරුවේ කොළඹ - කොටුවේ සිට පොළොන්නරුව බලා ධාවනය වීමට නියමිත පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ද අවලංගු කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories