වසන්ත සේනානායකගෙන් සජිත්ට ප්‍රශ්න පත්‍රයක්

Wednesday, 23 October 2019 - 19:42

%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉදිරි මහ මැතිවරණයකදී සිය අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකයා කවුරුන්ද යන්න ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස වහාම හෙළි කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.

කොළඹ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අමාත්‍ය සජිත් ප්‍රේමදාස වෙත ප්‍රශ්න කිහිපයක් ද යොමු කළා.

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කරමින් ප්‍රශ්න කර ඇත්තේ එළඹෙණ මහ මැතිවරණයකදී රනිල් වික්‍රමසිංහ සිය අග්‍රාමාත්‍ය අපේක්ෂකයා වනවාද?,

රවී කරුණානායක යම් අන්දමකින් පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් හෝ පාර්ලිමේන්තුවට නම් කරනු ලැබුවහොත් ඔහු කැබිනට් අමාත්‍ය ධුරයක් දරන්නේද?,

රිෂාඞ් බදියුදීන් සිය රජය තුළ කැබිනට් අමාත්‍ය ධුරයක් හොබවන්නේද?,

රවුෆ් හකීම් අමාත්‍යවරයා සහ පාස්කු ප්‍රහාරකයින් අතර තිබූ සබඳතා පිළිබඳව නවතම මාධ්‍ය තොරතුරු හෙළිදරව් වී තිබෙන අවස්ථාවක සිය ජනාධිපතිවරණ මෙහෙයුම තුළ තවදුරටත් වැදගත් භූමිකාවක් ඔහු ඉටු කරන්නේද සහ ඉන් පසුවද එය එසේම වන්නේද යන කරුණුයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories