අයි.එස්. නායකයා ඇමරිකානු ප්‍රහාරයකින් මියගිය බවට තොරතුරු

Sunday, 27 October 2019 - 10:41

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
අයි.එස්. සංවිධානයේ නායක අබුබකර් අල් බග්ඩාඩි ඇමරිකානු හමුදා වයඹ දිග සිරියාවේ සිදුකළ හමුදා මෙහෙයුමක් අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇතැයි විශ්වාස කරන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කළා.

ඇමරිකානු ආරක්ෂක අංශ උපුටා දක්වමින් එම ප්‍රවෘත්ති සේවා සඳහන් කළේ ඒ පිළිබඳව අවසන් නිගමනයකට එළඹීම සඳහා ඩී.එන්.ඒ. සහ ජීව දත්ත පරීක්ෂා කළ යුතු බවයි.

ප්‍රහාරය ඇතුළත අයි.එස්. නායකයා සිය මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය පුපුරුවාගන්නට ඇති බව විශ්වාස කරන්නේ යැයි ඇමරිකානු ආරක්ෂක අංශ සඳහන් කර තිබෙනවා.

අයි.එස්. නායකයා සිටින ස්ථානය සොයාගැනීම සඳහා සී.අයි.ඒ. ඔත්තු සේවාව සහය වූ බවද ඇමරිකානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

අයි.එස්. නායක බග්ඩාඩි සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories