අයි.එස්. නායකයාගේ සොහොයුරිය අත්අඩංගුවට

Tuesday, 05 November 2019 - 9:18

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පසුගිය දා සිරියාවේ ඇමරිකානු මෙහෙයුමක් අතරතුර ජීවිතක්ෂයට පත්වූ අයි.එස්. සංවිධානයේ නායක අබුබකර් අල් - බග්ඩාඩිගේ සොහොයුරිය වන රස්මියා අවාඞ්, තුර්කි හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරුදිග සිරියාවේ අසාස් නගරයේදී ඇය අත්අඩංගුවට ගනු ලැබූ බවයි තුර්කි බලධාරීන් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ.

ඇය මෙන්ම ඇගේ සැමියා සහ ලේලියගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව සඳහන්. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බග්ඩාඩිගේ සොහොයුරිය සමඟ ඇගේ දරුවන් 5 දෙනෙකු ද සිටි බවයි වාර්තා වන්නේ.

අයි.එස්. සංවිධානයේ අභ්‍යන්තර තොරතුරු රැසක් ඇය වෙතින් හෙළිදරව් කර ගැනීමට හැකි වනු ඇති බවට තුර්කි ආරක්ෂක අංශ විශ්වාසය පළ කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories