නව යුද හමුදා මූලස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

Friday, 08 November 2019 - 10:56

%E0%B6%B1%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඉදිවූ නව යුද හමුදා මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද පෙරවරුවේ විවෘත කෙරුණා.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා. යුද හමුදා මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට මුලින්ම සහභාගි වූයේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වායි.

ඉන් අනතුරුව නාවික සහ ගුවන් හමුදාපතිවරුන් එම අවස්ථාවට පැමිණියා. පසුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම අවස්ථාවට එක්වූ අතර ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ යුද හමුදාපතිවරයා විසින්.

මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා වෙත සම්මාන වෙඩි මුර 21ක් පිරිනැමුණු අතර ඉන් අනතුරුව සමරු ඵලකය විවෘත කරනු ලැබුවා.

අක්කර 77ක භූමි ප්‍රදේශයක ඉදිවූ නව යුද හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබුණේ 2011 වසරේදියි.

එහි ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3ක්.

මෙහි යුද, ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදා මූලස්ථානය මෙන්ම ආරක්ෂක අමාත්‍යාශය ද පිහිටා තිබෙනවා.

මෙම යුද හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල අති නවීන තාක්ෂණික පහසුකම්වලින් මෙන්ම ආරක්ෂක ක්‍රමවේදයන්ගෙන් ද සමන්විතයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories