වාහන ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව අවලංගු කිරීමෙන් ජනතාව දුෂ්කරතාවට

Friday, 08 November 2019 - 12:57

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
කාණ්ඩ කිහිපයකට අයත් වාහනවල එක්දින සේවාව යටතේ ගැනෙන සියළුම කටයුතු අත්හිටුවීමට ගත් තීරණය හේතුවෙන් එම වාහනවල ලියාපදිංචි සහතික ලබා ගැනීමට පැමිණෙන ජනතාව දැඩි අසීරුතාවන්ට පත්ව තිබෙනවා.

මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝගය පරිදි පසුගිය මස 25 වන දා මෙලෙස එක්දින සේවාව යටතේ ගැනෙන සියළුම කටයුතු අත්හිටුවනු ලැබුවේ 64, 65, 32, ජී, එච්, ජේ දක්වා අංක කාණ්ඩවලට අයත් සියළුම වාහනවලයි.

සියළුම මෝටර් රථ පන්ති යටතට ගැනෙන රථ, සියළුම කැබ් රථ, ජීප්, වෑන් ඇතුළු සියළුම ත්‍රිත්ව කාර්ය වාහන, සියළුම ලොරි රථවලට ද මෙය අදාළ බව මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබුණා.

මේ වන විට එම කාණ්ඩවලට අයත් වාහනවල මුල් ලිපි ගොනු නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ සිට වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහනය දෙපාර්තමේන්තු කාර්යාලය වෙත රැගෙන යමින් සිටින බවයි එහි සේවකයෙකු කියා සිටියේ.

කෙසේ වෙතත්, මෙමගින් වාහනවල ලියාපදිංචි සහ පැවරීමේ සහතික ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාව අසීරුතාවන්ට ලක්ව ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

වාහනවල චැසි අංක මාරු කිරීමේ අක්‍රමිකතාවක් හෙළිවීමත් සමඟ කෝප් කමිටුවේ නිර්දේශ මත මෙම එක්දින සේවාව තාවකාලිකව අත්හිට වූ අතර, ඊට සම්බන්ධ වූ නිලධාරීන්ට පියවරක් නොගෙන එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවීම ගැටළු සහගත බවයි අදාළ නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ.

අප මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත් නමුත් ඔහු කියා සිටියේ තොරතුරු ලබා ගැනීම සඳහා කාර්යාලයට පැමිණෙන ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories