ගලගොඩ හිමියන්ට එරෙහි නඩුව සලකා බැලීම ලබන වසරට

Friday, 08 November 2019 - 13:02

%E0%B6%9C%E0%B6%BD%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%A7
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්තිනී ස්කන්ධරාජා විසින් පවරා ඇති නඩුව ලබන වසරේ පෙබරවාරි මස 27 වන දා සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල එම නියෝගය ලබාදුන් බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

අධිකරණ නියෝග කඩ කරමින් මුලතිව් - ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වූ බවට ශාන්තිනී ස්කන්ධරාජා විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට, මුලතිව් පොලිස් අධිකාරීවරයාට සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් පවරා තිබුණා.

එම නඩුවට අදාළව අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය ලබාදුන් නොතීසි අනුව ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් තුන් දෙනා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එහිදී ලබන වසරේ පෙබරවාරි 27 වන දා නඩුව සලකා බැලෙන අවස්ථාවේ අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද ඔවුන්ට අභියාචනාධිකරණය දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, එදිනට අදාළ නඩු කටයුත්තට සහයදීම සදහා නීතිපතිවරයාට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට ද නියෝග කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories