එජාපයේ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මනම්පිටියේදී ගෝඨාභයට එක්වෙයි

Friday, 08 November 2019 - 16:24

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රටේ ගොවිජනතාවට සෙත සැලසෙන වැඩපිලිවෙලක් සකස් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව මනම්පිටිය මෛත්‍රී ක්‍රීඩාංගනයේ අද පැවති ජන රැළියකට එක්වෙමින්.

ඔහු ජන රැළිය අමතන අතරතුර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක තම ආධාරකරුවන් පිරිසක් සමග පැමිණ සහය පළ කළා.

මෙම ජනරැලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ දිඹුලාගල පොදු ක්‍රීඩාංගනයට ගුවනින් පැමිණි අතර, එම ස්ථානයට ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියා.

එහිදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ රැස්ව සිටි පිරිස සමඟ සුහද කතාබහක නිරත වුණා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එම ස්ථානයට පැමිණෙන විට ජනතාවගෙන් ඔහුට හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories