හෙද හෙදියන් සියළු දෙනා නිවාඩු - හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් හෙද සේවයේ

Friday, 08 November 2019 - 17:07

%E0%B7%84%E0%B7%99%E0%B6%AF+%E0%B7%84%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+-+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%AF+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෙද හෙදියන් දින 03 ක් තිස්සේ සේවයට වාර්තා කිරීමෙන් වැළකී වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීම හේතුවෙන් රෝහලේ රෝගී සත්කාරක සේවා සඳහා දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

අලූතින් ඉදිකරන ලද හම්බන්තොට රෝහලේ, ප්‍රධාන ඖෂධවේදියා සඳහා වෙන්කර තිබූ නිල නිවස හෙද නිලධාරීන් විසින් අත්පත් කර ගැනීමේ ගැටළුවක් හේතුවෙන් දෙපාර්ශවය අතර අවස්ථා කිහිපයකදී ගැටුම්කාරී තත්ත්වයන් මතුවුණා.

එම නිල නිවසේ යතුර රෝහල් අධ්‍යක්ෂවරයා වෙත භාරදෙන ලෙස අධිකරණය පසුගියදා නියෝග කළේ ඉන් අනතුරුවයි.

රෝහල් පරිපාලනයට විරෝධය පළ කරමින් පසුව හෙද හෙදියන් වර්ජනයක් ආරම්භ කළ අතර, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රවීන්ද්‍ර අබේසූරිය සඳහන් කළේ වෛද්‍යවරුන් මැදිහත් වී හෙද සේවාවේ කටයුතුද පවත්වාගෙන යමින් හදිසි ප්‍රතිකාර සේවා සිදුකරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories