නිශ්ශංක සේනාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

Friday, 08 November 2019 - 17:22

%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%81%E0%B6%82%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92
නීත්‍යානුකූල නොවන අන්දමින් එම්.වී. ඇවන්ගාඩ් නෞකාවේ ස්වයංක්‍රීය ගිනි අවි සහ ජීව උණ්ඩ ගබඩා කර තබා ගැනීම ඇතුළු අධිචෝදනා 7573 ක් යටතේ පවරා ඇති නඩුවේ 07 වන විත්තිකරු වන ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් කළ ඇප ඉල්ලීම කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විත්තිකාර නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දක්වමින්, විත්තිකරුගේ රෝගී තත්ත්වය සලකා  ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙසයි අද ඉල්ලා සිටියේ.

කෙසේ වෙතත්, එම ඇප ඉල්ලීමට දැඩි ලෙස විරෝධය පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙන්වා දුන්නේ පසුගිය 17 වැනිදා නිශ්ශංක සේනාධිපති රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර ඇත්තේ විත්තිය කළ කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කරමින් බවයි.

ඒ හේතුවෙන් අදාළ නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලීම සම්බන්ධයෙන් තමා දැඩි විරෝධයක් දක්වන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී සඳහන් කර ඇත්තේ.

ඒ අනුව ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳි සහ මංජුල තිලකරත්න යන කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, නඩුව යළි දෙසැම්බර් මස 03 වැනිදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදිනට නිශ්ශංක සේනාධිපති අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories