සමාජ මාධ්‍ය මැතිවරණ කොමිසමට අභියෝගයක් වෙයි

Sunday, 10 November 2019 - 12:38

%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මැතිවරණ ප්‍රචාරක කටයුතු ලබන 13 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතයි.

එතැන් සිට ලබන 16 වන සෙනසුරාදා දක්වා කාලය නිහඬ කාලසීමාවක් ලෙස මැතිවරණ කොමිෂන් සභාව නම් කර ඇති අතර, ඒ අතරතුර කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුකිරීම තහනම් වනවා.

ජනාධිපති අපේක්ෂකයින් අගතියට පත්වන, වෛරිප්‍රකාශ සහ අසත්‍ය තොරතුරු සමාජගත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.

විද්‍යුත් හෝ මුද්‍රිත ක්‍රම මගින් කිසිදු ප්‍රචාරක කටයුත්තක් 13 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු සිදුකිරීම තහනම් වුවත්, සමාජ මාධ්‍ය හරහා සිදු කෙරෙන ප්‍රචාරක කටයුතු නැවැත්වීම අභියෝගයක් වී ඇති බවද එම කොමිසම ප්‍රකාශ කළා.

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ සමාජ මාධ්‍ය පාලනය කිරීමට නීති නොමැතිවීම ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories