ජනපතිවරණයේ නීතිය සහ සාමය රකින්න 60,000ක්

Tuesday, 12 November 2019 - 7:30

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+60%2C000%E0%B6%9A%E0%B7%8A
2019 ජනාධිපතිවරණයට ඇත්තේ තවත් දින 4ක පමණ කාලයක් පමණයි.

මේ වන විට දේශපාලන පක්ෂ මෙන්ම මැතිවරණ කොමිසම ද ඒ වෙනුවෙන් ලහි ලහියේ සූදානම් වන අයුරු දක්නට ලැබෙනවා.

ජනාධිපතිවරණයේ ආරක්ෂක රාජකාරී සහ සාමාන්‍ය රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 60,175 දෙනෙකු යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පොලිස් මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 8080 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද මෙවර ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බව ඔහු කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories