වසර 14කට පසු සමනල වැව පිටාර මට්ටමට

Tuesday, 12 November 2019 - 7:38

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+14%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B6%A7
දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, වසර 14කට පසු සමනළ වැව ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. ඒ හේතුවෙන් එක් වාන් දොරටුවක් ස්වයංක්‍රීයව විවෘත වීමේ හැකියාවක් පවතින බව සඳහන්.

එලෙස දොරටුවක් විවෘත වුවහොත් එහි ජලය වලවේ ගඟට එක්විය හැකි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පසුගිය දින කිහිපය තුළම ඇද හැලූණු අධික වැසිත් සමග සමනලවැව ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories