පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කථිකාචාර්යවරයෙකු ඝාතනය කර ඔහුගේම පොල් ඉඩමක වළ දැමූ ව්‍යාජ කපුවෙකු ලෙසින් පෙනී සිටි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය වාර්තාවන්නේ කුලියාපිටිය - මැටිකොටුව වත්ත - මඩකුඹුරුමුල්ල ප්‍රදේශයෙන්.
සැකකරු එම ඉඩමේම කළක් සේවය කළ පුද්ගලයෙකු වන අතර, විවාහ ප්‍රමාදය හේතුවෙන් පසුතැවිල්ලෙන් සිටි අදාළ කථිකාචාර්යවරයාට විවාහයක් සිදුකර දීම සඳහා අවස්ථා කිහිපයකදි විශාල වශයෙන් මුදල් ලබාගෙන පූජා කටයුතු සිදුකර තිබෙනවා.
ඒ අනුව පසුගියදා ඔහු සතු රන් ආභරණ, බෝනික්කෙකුට පළඳවා මනාලියක් ලෙස හැඩගන්වා, තවත් පූජාවක් සිදුකළ යුතු බව පවසමින් ඉඩමේ වළවල් තුනක් කපා, ඉන් එක් වළකට බැස පහනක් දල්වන ලෙස දන්වා, එම අවස්ථාවේදී උදැල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබෙනවා.
මන්තර පොල්ල යනුවෙන් සැකකරු සතුව තිබූ යෂ්ටියකින්ද මියගිය පුද්ගලයාට පහරදී ඇති අතර, හුස්ම වැටෙමින් සිටියදීම පස් දමා වළ වසා දැමූ බවටයි අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ.
ත්‍රිරෝද රථයක් මිලදී ගැනීම සඳහා මෙම අපරාධය සිදුකළ බවද ඔහු සඳහන් කර තිබෙනවා.
තම පුතු අතුරුදන් බවට මියගිය පෞද්ගලික අධ්‍යාපන ආයතන කථිකාචාර්යවරයාගේ මව සිදුකළ පැමිණිල්ලකට අනුවයි මීට අදාළ විමර්ශන ක්‍රියාත්මක වී ඇත්තේ.

Follow US
Most Viewed Stories