දුම්රිය කිහිපයක කාල සටහන් වෙනස් වෙයි

Thursday, 14 November 2019 - 13:10

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලබන 27 වනදා සිට උතුරු සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයන්හි දුම්රිය කිහිපයක ධාවන වේලාවන් වෙනස් කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය පස්වරු 6 ට කන්කසන්තුරෙන් ගමන් ආරම්භ කරන බවයි. එමෙන්ම, එම දුම්රිය කොළඹ කොටුවෙන් රාත්‍රී 9 ට ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර, බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරනු ලබන වේලාව පෙරවරු 6.15 ලෙස සංශෝධනය කර තිබෙනවා.

සංශෝධිත කාල සටහනට අනුව එම දුම්රිය සවස 3 ට මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත්වනු ඇති.

පස්වරු 2 යි 15 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ ගාලූ කුමාරි දුම්රිය සංශෝධිත කාල සටහනට අනුව ගමන් ආරම්භ කරන්නේ පස්වරු 1 යි 35ටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories