දිවයින පුරා ඡන්ද පෙට්ටි බෙදාහැරීම ඇරඹේ

Friday, 15 November 2019 - 10:57

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
මධ්‍යස්ථාන 12,845 කට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇරඹේ - ආරක්ෂාවට පොලීසිය සහ විශේෂ කාර්ය බලකායත්

ජනාධිපතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා ප්‍රවාහනය කිරීම අද පෙරවරුවේ ආරම්භ වුණා.

මධ්‍යස්ථාන 12,845 වෙත ඡන්ද පෙට්ටි සහ ඡුන්ද පත්‍රිකා රැගෙන යාම රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කෙරෙන අතර, එම කටයුතු මේ වනවිටත් සිදුවන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙවර ඡුන්ද විමසීම සඳහා රාජ්‍ය නිලධාරීන් ලක්ෂ 3 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.

ඡන්ද පෙට්ටි 12,845 ක් මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සඳහා යොදාගන්නා අතර, ඉන් 12,350 ක් ඝන කාඞ්බෝඩ් පෙට්ටි වනවා.

ඉතිරිය ප්ලාස්ටික් ඡුන්ද පෙට්ටි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 488 ක් ස්ථාපිත කර ඇති අතර, එම මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ආරම්භ වූයේ නුවරඑළිය - ගාමිණී ජාතික පාසලේ සිටයි.  

අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 634 ක් සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම මේ වනවිටත් සිදු කෙරෙන බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ආර්.එම්. වන්නිනායක කියා සිටියේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 713 වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය  කිරීමද අද උදෑසන ආරම්භ වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මහනුවර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 835 කදී ඡන්ද විමසීම සිදු කෙරෙනවා.

ඊට අදාළ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී තිස්ස කරුණාරත්න ප්‍රකාශ කළේ.

අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 523 ක් ස්ථාපිත කර ඇති අතර, ඊට අදාළ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමද අද උදෑසන ආරම්භ කෙරුණා.  

මාතර, වවුනියාව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ කටයුතු ආරම්භ වී ඇති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් සඳහන් කළේ.

ඡන්ද පෙට්ටි රැගෙන යාමෙන් පසු ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්ද විමසීම සම්බන්ධයෙන් පෙරහුරුවක්ද පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories