දකුණු කොරියානු - ඇමරිකානු යුද අභ්‍යාසය කල් දමයි

Sunday, 17 November 2019 - 19:48

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
උතුරු කොරියාව සමඟ සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඒකාබද්ධ යුද අභ්‍යාසය කල් දැමීමට දකුණු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා.

ඇමරිකානු ආරක්ෂක ලේකම් මාක් එස්පර් මේ බව නිවේදනය කළේ දකුණු කොරියානු ආරක්ෂක ලේකම් ජියොං - කියොං - ඩූ සමඟ බැංකොක් නුවර පැවැත්වූ ආසියාන් ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවේදියි.

ඇමරිකාව සහ දකුණු කොරියාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාස සාම සාකච්ඡාවලට තර්ජනයක් බවට උතුරු කොරියාව කිහිප වතාවක්ම අනතුරු ඇඟවීම් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories