හත්වන විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු ගෝඨාභය රාජපක්ෂට අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහද ඊයේ සුභාශිංසන එක් කළා.
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කථානායකවරයා සහ පක්ෂ නායකයින් මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර ඉදිරියේදී තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි.
එමෙන්ම ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් සහ පක්ෂ නායකයින්ගේ හමුවක් පැවැත්වුණා. පස්වරු පහට ආරම්භ වූ මෙම හමුව පැය දෙකකට ආසන්න කාලයක් පැවති බවයි වාර්තාවන්නේ.
එහිදී හත්වන විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ ලබාගත් ජන මතයට ගරු කරමින් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වා ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට අනුව මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සාකච්ඡා කර තිබෙනවා.
සෙසු පක්ෂ නායකයින් එහිදී මහ මැතිවරණයකට ගොස් නව පාර්ලිමේන්තුවක් සකස් කරගැනීමට එකඟතාවද පළ කළ බවයි දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින්ගේ සහ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් අද පස්වරු දෙකට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Follow US
Most Viewed Stories