නව ජනපති ගෝඨාභය රාජපක්ෂ - රුවන්වැලි මහ සෑ රදුන් අභියසදී අද දිවුරුම් දෙයි

Monday, 18 November 2019 - 7:29

%E0%B6%B1%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+-+%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84+%E0%B7%83%E0%B7%91+%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයේ දිවුරුම්දීම අද පෙරවරු 11 ට අනුරාධපුර - රුවන්වැලි සෑරඳුන් අභියසදී පැවැත්වීමට නියමිතයි.

ඊයේ අවසන් ප්‍රතිඵල ප්‍රකාශයට පත්වූ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 69 ලක්ෂ 24255 ක් ලබා ගනිමින් අභිනව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා.

ප්‍රකාශිත ඡන්ද අතුරින් ඔහු ලබා ගත් මුළු ඡන්ද ප්‍රතිශතය සියයට 52.25ක්. ජනාධිපතිවරණයේදී පරාජයට පත්වු සජිත් ප්‍රේමදාසට ලබාගැනීමට හැකි වුයේ ඡන්ද 55 ලක්ෂ 64239ක් පමණයි. ඔහු ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සියයට 41.99ක්.

මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා ලියාපදිංචිව සිටි මුළු ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ 92096ක්.

ඒ අතුරින් පසුගිය සෙනසුරාදා එක්කෝටි තිස්තුන් ලක්ෂ 87951ක් දෙනෙකු ජන්දය ප්‍රකාශ කර තිබුණා.

එය ප්‍රකාශිත ඡන්ද අතරින් සියයට 83.72ක ප්‍රතිශතයක්. එම ප්‍රකාශිත ජන්ද අතරින් ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 69 ලක්ෂ 24555ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාසට ලබාගැනීමට හැකි වුයේ ජන්ද 55 ලක්ෂ 64239ක් පමණයි.

ඒ අනුව 2019 ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ වැඩි ඡන්ද දහතුන් ලක්ෂ 6016කින් ජයගත්තා.

මෙවර ජනාධිපතිවරණයේ තුන්වන ස්ථානය දිනාගත් අනුර කුමාර දිසානායක ඡන්ද හාරලක්ෂ 18553ක් ලබා ගත් අතර එය ප්‍රකාශිත ජන්ද ප්‍රතිඵලයෙන් සියයට 3.16ක්.

2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරඟ කර ජයගත් මෛත්‍රීපාල සිරිසේන ඡන්ද හැට දෙලක්ෂ 17162ක් ලබා ගත් අතර, මෙවර එම පක්ෂයෙන් තරගවැදි සජිත් ප්‍රේමදාස ලබාගත්තේ ඊට වඩා ජන්ද හයලක්ෂ 52923ක් අඩුවෙන්.

එය සියයට පනස් එකයි දශම 28ක් ලෙස පැවති ඡන්ද ප්‍රතිශතය සියයට 41.99ක් දක්වා අඩුවීමක්.

පසුගිය ජනාධිපතිරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඡන්ද පනස් හත් ලක්ෂ 68090 ක් ලබා ගත් අතර මෙවර ගෝඨාභය රාජපක්ෂ ඊට වඩා ඡන්ද එකළොස් ලක්ෂ 56565ක් ලබා ගෙන තිබීමද විශේෂත්වයක්.

එය 2015 වසරේ හිමිවු සියයට 47.58ක ජන්ද ප්‍රතිශතය සියයට 52.25ක් දක්වා වැඩිවීමක් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories