හිරු මාධ්‍ය ජාලයේ හි සභාපති රේනෝ සිල්වා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සහ තවත් සිව් දෙනෙකුගෙන් රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා එන්තර වාසි යොමුකර තිබෙනවා.
සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඔහු මෙලෙස එන්තර වාසි යොමුකර ඇත්තේ තමාට සහ සිය පවුලේ සාමාජිකයින්ට පසුගියදා සිදුකළ අපහාසාත්මක ප්‍රකාශවලට එරෙහිවයි.
මංගල සමරවීර පසුගිය 12 වන දා රජයේ රූපවාහිනී සේවයක ප්රවෘත්ති ප්‍රකාශයක් මගින් හිරු මාධ්‍ය ජාලයටත්, සභාපති රේනෝ සිල්වා මහතාටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් අභූත, අසත්‍ය, පදනම් විරහිත චෝදනා නගමින් ඔහුට සුපුරුදු නින්දිත මඩ ප්‍රචාරයක් දියත් කළා.
මංගල සමරවීරගේ මෙම නින්දිත අසත්‍ය මඩ ප්රහාරයන්ට එරෙහිව රේනෝ සිල්වා මහතාගේ නීතිඥවරුන් මංගල සමරවීර සහ තවත් සිව් දෙනෙකුට එරෙහිව රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යොමු කර තිබෙනවා.
මේ පිළිබදව හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙරට සිංහල, බෞද්ධ රටක් නොවන බව ප්‍රකාශ කළ, මහා සංඝරත්නයට සහ කාදිනල් හිමිපාණන්ට අපහාස කළ, නීති වෙනස් කරමින් මධ්‍යසාර ලීටර් 80ක් පුද්ගල සන්තකයේ තබා ගැනීමට ඉඩ දී මත්පැන් භාවිතය ප්‍රචලිත කිරීමට ක්‍රියා කළ පුද්ගලයෙකු විසින් සිදුකරන අසත්‍ය, වගකීම් විරහිත ප්‍රකාශ පිළිකුලෙන් යුතුව බැහැර කරන අතර, ඊට එරෙහිව නීතිඥයින් මගින් ඉදිරි කටයුතු සිදුකරන බවයි.

Follow US
Most Viewed Stories