මාලි, ත්‍රස්ත ප්‍රහාරයකින් සොල්දාදුවන් 24 දෙනෙකු මරුට

Tuesday, 19 November 2019 - 7:38

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%2C+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+24+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අප්‍රිකානු මාලි රාජ්‍යයේ ත්‍රස්ත ප්‍රහාරයකින් එරට සොල්දාදුවන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මාලි සහ නයිජර් රාජ්‍යයන් අතර දේශසීමාව ආසන්නයේ ක්‍රියාත්මක වූ හමුදා මෙහෙයුමක් අතරතුරයි එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

එහිදී තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මාලි යුද හමුදාව ප්‍රකාශ කළේ ත්‍රස්තවාදීන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 100 දෙනෙකු පමණ අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

මාලි රාජ්‍යයේ මෙම ත්‍රස්ත ප්‍රහාරය වාර්තා වන්නේ තවත් එවැනිම ප්‍රහාරයකින් මාලි සෙබලූන් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී සති කිහිපයක් ඇතුළතයි. මාලි රාජ්‍යයේ බෙදුම්වාදී කණ්ඩායම් මෙන්ම අයි.එස්. සහ අල්ඛයිඩා ඇතුළු ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් ක්‍රියාත්මකයි.

1500 දෙනෙකුගෙන් සමන්විත ජගත් සාම සාධක බල ඇණියක් ද මාලි දේශයේ රදවා ඇති අතර, ඊට ශ්‍රී ලංකා සෙබලූන් ද ඇතුළත්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories