ඒකාබද්ධ විපක්ෂයේ සහ විපක්ෂ නායක මහින්ද අතර හමුවක්

Thursday, 21 November 2019 - 12:43

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ - විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදි පැවත්වුණා.

එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුදීම පිළිබඳව සහ අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් දැනුම් දුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.

මේ අතර, ජනාධිපතිවරණයෙන් පසු පළමුවරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂ මූලස්ථානයේදී අද රාත්‍රියේ රැස්වීමට නියමිතයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වුණා.

මේ අතර, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය ධුරය වෙනස්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණයි.

විශේෂයෙන් පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම, නව තනතුරු සම්බන්ධයෙන් මෙන්ම මීළග පාර්ලිමේන්තු සැසිය පිිළිබඳව මෙහිදි අවධානය යොමු කෙරෙනු ඇති.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories