කාන්තා පොලිස් නිලධාරිනියන් හත්දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට

Monday, 02 December 2019 - 9:04

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7
කාන්තා පොලිස් නිලධාරිනියන් හත්දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා.

බඳවාගැනිමේ පටිපාටියට අදාළව සුදුසුකම් සම්පූර්ණ කර තිබූ පොලිස් අධිකාරී නිලයේ කටයුතු කළ නිලධාරිනියන් හත්දෙනෙකු සඳහා එම උසස්වීම් ලබාදීමට පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබාදුන් බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

එලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කරන ලද නිලධාරිනියන් හත්දෙනා අතර,  ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ලංකා අමරසේන, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා රේණුකා ජයසුන්දර ද වනවා.

පොලිස් ඉතිහාසය තුළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ කටයුතු කර ඇත්තේ එක් නිලධාරිනියක් වන අතර, ඒ, දැනට විශ්‍රාම ගොස් සිටින ප්‍රමිලා දිවාකරයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories