මහාචාර්ය විනී විතාරණ අභාවප්‍රාප්ත වෙයි

Monday, 02 December 2019 - 13:31

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සිංහල සාහිත්‍ය මෙන්ම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ කීර්තිමත් පඩිවරයෙකු වූ කලාකීර්ති මහාචාර්ය විනී විතාරණ අද අභාවප්‍රාප්ත වුණා.

මියයනවිට 91 වන වියේ පසුවූ ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ප්‍රථම අංශ ප්‍රධාන මහාචාර්යවරයායි.

ඉතිහාසය, භූගෝල විද්‍යාව, පුරාවිද්‍යාව, මානව විද්‍යාව ඇතුලූ ක්‍ෂේත්‍ර රැසක ප්‍රවීනයෙකු වූ මහාචාර්ය විනී විතාරණ ග්‍රන්ථ රැසක් රචනා කළ අතර, මුවදෙව්දාවත, සසඳාවත, මයුර සන්දේශය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනු ලැබුවා.

මහාචාර්ය විනී විතාරණගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට දිනය දක්වා බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරෙන අතර, අනිද්දා දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
   


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories